(අජන්ත කුමාර අගලකඩ)
ඒකාබද්ධ විපක්ෂය සමග සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ එකතු කොට, වෙනම සන්ධානයක් පිහිටුවන්නැයි ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා විපක්ෂ නායකවරයා මුණගැසී ඒ සඳහා ලිපියක් ද බාරදී ඇතැයි වාර්තා වේ.
එම පක්ෂ තුනට අමතරව, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය ද විපක්ෂ නායකවරයාගෙන් එම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd