
විශේෂ ලියුම්කරුවකු විසිනි
දැඩි ලෙස කතාබහට ලක්වූ පාකිස්ථාන යුද නෞකාව වන පී.එන්.එස්. ටයිමූර් පෙරේදා (සිකුරාදා) උදෑසන කොළඹ වරායට ළඟාවිය.
එම නෞකාව හෙට (සඳුදා) දක්වා කොළඹ වරායේ නැංගුරම් ලා තැබේ.
මෙම නෞකාව චීනයේදී නිෂ්පාදනය කර පාකිස්ථාන නාවික හමුදාවට ලබාදුන් නැවක් වන අතර එය පළමුවරට පාකිස්ථානයට ළඟා ෙවන්නේ මේ මස 15 වැනිදාය.
වේග ප්‍රහාරක අවි සහ මිසයිල දියත් කිරීමේ හැකියාව පවතින හෙයින් මෙම නෞකාව කොළඹට පැමිණීම ඉන්දියානු මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වී තිබිණ.
නෞකාවට බංග්ලාදේශයේ චිතගොං වරායෙන් සැපයුම් ලබා ගැනීමට අවසර ඉල්ලා එය නොලැබුණු පසු කොළඹ වරායෙන් අවසර ඉල්ලා තිබූ අතර ඒ පිළිබඳව දැඩි කතාබහක් මතුව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd