සමහරු පාවිච්චියට බයලු
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදෙන ගිනිඅවිය (පිස්තෝලය) ප්‍රතික්ෂේප කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 75කට ආසන්නය. ගිනිඅවි ළඟ තබා ගැනීමට ඇති බිය සහ සිය නිවෙස්වලට රැගෙන යෑමට ඇති අකැමැත්ත යනාදී කරුණු ගිනිඅවි මෙලෙස ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගිනිඅවි නිකුත් කරනු ලබන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.
මේ අතර ඇතැම් මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරුණු ගිනිඅවි විවිධ නීති විරෝධී කටයුතුවලට යොදා ගන්නා ලදැයි කියන සිද්ධීන් කිහිපයක් පසුගිය කාලයේදී වාර්තා වූ බව පොලිස් මූලස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd