(දයාසීලි ලියනගේ)
ආහාර සම්බන්ධව වෙනම උසාවියක් බිහි කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගිය සතියේදී අධිකරණ ඇමැති අලි සබ්රි මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ආහාර ඉතා ඉක්මනින් නරක් වෙන නිසාත්, ආහාර මානව සෞඛ්‍යයට ඍජුවම බලපාන නිසාත් ඒ සම්බන්ධ නීතිමය පියවර ගැනීම කඩිනම්ව සිදු කළ යුතු බව එම ලිපියේ සඳහන් කර ඇතැයිද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කීය.
මීට අමතරව ආහාරවල අඩංගු පෝෂ්‍ය ගුණය ඒ පිළිබඳව දැනුම, ආහාර ආනයනය අපනයන, කල් ඉකුත් වීම, ආහාර වටා ඇතිවන ලෙඩ රෝග ආදිය පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද අධිකරණ ඇමැතිවරයාට පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd