(නිශාන්ත කුමාර බණ්ඩාර)
ආණ්ඩුව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දෙමළ සන්ධානය විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි එම සන්ධාන ආරංචිමාර්ග පවසයි.
දෙමළ සන්ධානය තුළ ඇතිවී ඇති ගැටලු, මානව හිමිකම් ප්‍රශ්න ඇතුලු බොහෝ කරුණු කාරණා මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
දෙමළ සන්ධානය මීට කලින් ගත් තීරණවලට වඩා වෙනත් ආකාරයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග පැවසීය.
ලබන 26, 27, 28 යන දින කිහිපය තුළ මෙම සාකච්ඡාව කොළඹදී හෝ යාපනයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ආණ්ඩුව විසින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම පමා කිරීම, දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබා නොදී කල් දැමීම යන කරුණු කාරණා නිසා ආණ්ඩුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මේ සාකච්ඡාවේදී දැඩි අවධානයක් යොමු කරන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd