ඇමැතිට සතියක් කල්දෙයි
(දයාසීලි ලියනගේ)
කොරෝනා වසංගතය මෙතෙක් තුරන් වී නොමැති තත්ත්වයක් යටතේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදුන් දීමනාව කපාහැරීම, ප්‍රවාහන පහසුකම් අවම කිරීම, නොමිලේ ආහාර ලබා නොදීම යනාදී ගැටළුවලට සතියක් ඇතුළත විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලිඛිතව දන්වා ඇත.
සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සිදුකරන මෙම කෙණෙහිලි සම්බන්ධයෙන් ඔවුන් දැඩි නොසන්සුන්තාවකට පත්වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඉරිදා ලංකාදීපයට කීය.
සෞඛ්‍ය අංශවල පවත්නා නොසන්සුන්තාව කොරෝනා මැඬලීමට බරපතළ බාධාවක් වී ඇති බවද රත්නප්‍රිය මහතා කීය. කොරෝනා දීමනා වශයෙන් මෙතෙක් මසකට රුපියල් 7,500ක දීමනාවක් ලබාදුන් අතර මේ මාසයේ සිට එම මුදල් කප්පාදු කිරීමට තීරණය කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd