(දයාසීලි ලියනගේ)  
තරුණ කටයුතු, දක්ෂිණ සංවර්ධන හා ව්‍යාපෘති කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය පිහිටුවා දැනට මාස දෙකක කාලයක් ගත වී ඇතත්, මේ දක්වා එම අමාත්‍යාංශය පවත්වා ගෙන යාමට නොහැකි වී ඇත.  

මෙම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ලක් පවා ලබා නොදීම නිසා අමාත්‍ය කාර්ය මණ්ඩලය පවත්වාගෙන යාමට හෝ වෙනත් කිසිදු රාජකාරී තත්ත්වයක් කළ නොහැකි වී ඇති බව කියති.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී රාජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතා ප්‍රකාශ කළේ ඇමැති සාගල රත්නායක මහතා සමග මේ සම්බන්ධව කතා කළ අවස්ථාවේ ‘බලමු’ යනුවෙන් ප්‍රකාශ කළ බවයි.  


පවතින දේශපාලන නොසන්සුන්තාවය සමනය වූ පසු ජනාධිපතිවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.