(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු - නැගෙනහිර පළාත්වල නිවාස 4000 ක ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා මේ පිළිබඳව පසුගිය අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර එය මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට චීන ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ඊට ඉන්දීය රජය විරෝධය පළකර තිබේ. මේ නිසා එම නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd