
(දයාසීලි ලියනගේ)
කොළඹ මහා නගර සභාවේ මන්ත්රීවරු 119 දෙනාටම නොමිලයේ ටැබ් පරිගණක හා ස්මාට් ෆෝන් ලබාදීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇත.
මෙම යෝජනාව ගැන මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැතත් යෝජනා මට්ටමින් පවතින බව දැන ගන්නට ඇත.
මේ අතර කොළඹ මහා නගර සභාවේ මන්ත්රී දීමනාව දෙගුණයකින් වැඩි කිරීමේ යෝජනාව නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාව මගින් ස්ථිර කර තිබෙන බවද දැන ගන්නට ඇත.
මෙම යෝජනාව පසුගිය ජූලි 26 වැනි දින මහ සභා රැස්වීමට නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන්න රෝසි නෝනගේ නිර්මණශීලි පාලන රටාව හෙළි දක්කනවා, මහජන සේවය කෙසේ වෙතත්.
කොළඹ මහා නගර සභාවට නියෝජතයෝ පත්කර ගත්තේ නගරයේ සංවර්ධනයට නොවේ. නගර සභාවේ මුදල් මෙයාකාර අයථා පරිහරනයට ලක් කල නගරාධිපතිවරයෙක් මේ නගර සභා ඉතිහාසය තුළම නැති තරම්.