රටක හැටි

ක්‍රීඩා තරගාවලි සංවිධානය කර තමන්ගේ නමින් කුසලාන පරිත්‍යාග කරනු ලබන දේශපාලනඥයෙක් මෙම කුසලානවලට හැම ක්‍රීඩකයෙකුගෙන්ම මුදල් අයකරන බව වාර්තා වේ.  

මෙම දේශපාලනඥයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ද වෙයි.  


මෙවර මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් මෙම දේශපාලනඥයා තම දිස්ත්‍රික්කයේ සියලු ආසනවල සැරිසරමින් ක්‍රීඩා තරගාවලි පවත්වයි.  
ජයග්‍රාහී කණ්ඩායමට ඔහු තමන්ගේ නමින් කුසලානයක් ප්‍රදානය කරන්නේ ක්‍රීඩකයන්ගෙන් මුදල් එකතු කර බව ද වාර්තා වේ.