කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් සිකුරාදා (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.  

ඒ අනුව කැබිනට් නොවන අමාත්‍යවරු වශයෙන්,  හර්ෂ ද සිල්වා මහතා - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසද, අජිත් පී. පෙ​ෙර්රා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් හා ​තොරතුරු අමාත්‍යවරයා ලෙසද සුජීව සේනසිංහ මහතා - විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද  දිවුරුම් දුන්හ.  


එහිදී රාජ්‍ය අමාත්‍යවරු ලෙස, රන්ජන් රාමනායක මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, විජයකලා මහේෂ්වරන් මහත්මිය - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ජේ.සී. අලවතුවල මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් අලුවිහාරේ මහතා - සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, වසන්ත අලුවිහාරේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, ලකී ජයවර්ධන මහතා - නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය, නිරෝෂන් පෙ​ෙර්රා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, චම්පිකා ප්‍රේමදාස මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය, අ​ෙශා්ක අබේසිංහ මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය, ෆයිසාල් කාසීම් මහතා - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, එච්.එම්.එම්. හාරීස් මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය, අමීර් අලී මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ඒ. ඉසෙඩ් එම්. සෙයිඩ් මහතා - සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය, වඩිවෙල් සු​රේෂ් මහතා - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙන ලදී   


නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස අනෝමා ගමගේ මහත්මිය - ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, එඩ්වඩ් ගුණසේකර මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, නලින් බණ්ඩාර ජයමහා මහතා - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය, අජිත් මාන්නප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය, කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය, බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝ්‍ජ්‍ය සහ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - සමාජ සවිබල ගැන්වීම නියෝ‍ජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දෙන ලදී.