(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඉලක්ක කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානය ලබන මස මුලදී එළිදැක්වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
එක්සත් ජාතික පක්ෂය සහ දැනට ආණ්‍ඩුව සමග එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂ එකතු වී මෙම නව සන්ධානය පිහිටුවන බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ. එම නව දේශපාලන සන්ධානය සඳහා අලුත් නමක් හා අලුත් ලකුණක් ද යෝජනා කෙරෙනු ඇති බව පැවැසේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික හෙළ උරුමය සහ ආණ්‍ඩුව සමග සිටින දෙමළ දේශපාලන පක්ෂ ද එකතුව මෙම නව දේශපාලන සන්ධානය ගොඩනැගීමට නියමිත බව එම ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd