(දයාසීලි ලියනගේ)
දේශපාලන අර්බුදකාරී තත්ත්වය පැවැති දින 53ක කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙන ලද පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන්ට බලපෑම් කිරීමට මන්ත්‍රීවරු තිදෙනෙක් නම්කර සිටිති.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අාශු මාරසිංහ යන මහත්වරු මේ සඳහා පත්කර සිටිති.
දින 53ක කාලයක් එක්සත් ජාතික පක්ෂ රජය අක්‍රියවී සිටියදී පසුපෙළ මන්ත්‍රීවරුනට දෙන ලද පොරොන්දු මෙතෙක් ඉටු නොවීම පිළිබඳව පසුගියදා පැවැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී පසුපෙළ මන්ත්‍රීවරු දැඩි ලෙස විරෝධය දක්වා ඇත.
රැකියා අවස්ථා ලබා නොදීම, ඇතැම් ඇමැතිවරු පසුපෙළ මන්ත්‍රීවරු නොසලකා ක්‍රියා කිරීම, සංවර්ධන වැඩ කටයුතුවලට පසුපෙළ මන්ත්‍රීවරු සහභාගි කර නොගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ඔවුන් විරෝධය දක්වා ඇත. එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ගැටළු සාකච්ඡා කර පක්ෂයේ නායකවරයාට ඉදිරිපත් කිරීම සඳහා කබීර් හෂීම්, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, වජිර අබේවර්ධන හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇත. එම කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් හමුවී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd