පොදුජන පෙරමුණ මන්ත්‍රී දොළවත්ත
(දයාසීලි ලියනගේ)
එක රටක්, එක නීතියක් යන සංකල්පයෙන් රජය බැහැර වෙමින් සිටින තත්ත්වයක් පෙන්නුම් කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා කීය.
කාති අධිකරණය පිහිටුවීමට කටයුතු කිරීම හා නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට දරන උත්සාහයෙන් පෙන්නුම් කරන්නේ එක රටක් එක නීතියක් යන සංකල්පයෙන් බැහැර වී රජය කටයුතු කරන බව යැයි නීතිඥ දොළවත්ත මහතා කීය. නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට මෙරට ඉංජිනේරුවන් ඉදිරිපත් වී සිටිය දී එය ඉන්දියාවට පැවරීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය. කාති අධිකරණ පිහිටුවීමෙන් එක නීතියක් යන සංකල්පය මුළුමනින්ම විනාශ වෙන බව ද නීතිඥ දොළවත්ත මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd