(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුරු පළාත් ප්‍රධාන අමාතය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව පළාත් සභා ආරංචිමාර්ග පවසයි.

පළාත් සභාවට ඉදිරිපත් කෙරෙන යෝජනා කල් දැමීමෙන් සභාවේ අවුල් සහගත තත්ත්වයක් ඇති නිසා බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරී ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා පැවසීය.
දෙමළ සන්ධානයේම මන්ත්‍රීවරු පිරිසක් ද මේ නිසා කලකිරී ඇති අතර ඔවුන් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මැළිකමක් දක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධව දෙමළ සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කළේ එවැනි විශ්වාසභංගයක් ගෙන ඒමට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු සූදානමක් නොමැති බවයි. බහුතර බලයක් දෙමළ සන්ධානය සතු නිසා එවැන්නක් ඉදිරිපත් වුවහොත් එය පරාජය කිරීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd