(නිශාන්ත කුමාර බණ්ඩාර)
උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අපේක්‍ෂා කළද දැන් එම බලාපොරොත්තු සුන් වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

බහුතරයක් දෙමළ කතාකරන පිරිසක් පළාත් දෙක නියෝජනය කරන බැවින් ඔවුන්ගේ ගැටලු විසඳීමට සුදුසුම අවස්ථාව පළාත් දෙක ඒකාබද්ධ කිරීම යැයිද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව බලයට පත්වන විට පළාත් දෙක ඒකාබද්ධ කිරීම හා පෙඩරල් බලතල ලබා දෙන බවට ඉඟි පළ වුවත් දැන් එය සුන්වීමේ තත්ත්වයක් බවට පත් වී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද ඒ පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටී ඇති නිසා ආණ්ඩුව කෙරෙහි උතුරු නැගෙනහිර පළාත්වල බහුතර දෙමළ ජනතාවගේ අප්‍රසාදය පළවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd