(දයාසීලි ලියනගේ)
ඉන්ධන හිඟය නිසා මේ වනවිට සියලු තාප බලාගාර අක්‍රීය වී පවතින බව විදුලි ඉංජිනේරුවන් පවසති.
වෙස්ට්කෝස් හා කැලණිතිස්ස පිහිටි සොජිට්සු බලාගාර දෙක පමණක් අවසන් වන තෙක් ක්‍රියාත්මක වුවත් ඉරිදා වන විට ඒවාද අක්‍රීය විය හැකියැයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් ඉඳුවරගේ මහතා කීය.
මේ අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රයේ අභ්‍යන්තර ඉන්ධන කාන්දුවක් නිසා එය යථා තත්ත්වයට පත්වීමට තවත් දින 2ක් හෝ 3ක් ගත වනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
පවත්නා තත්ත්වය හමුවේ ඛනිජ තෙල් හෝ වර්ෂාව නොලැබුණහොත් විදුලි කප්පාදුව තවත් දීර්ඝ වීමට ඉඩ තිබෙන බවද ඉංජිනේරු ඉඳුවරගේ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd