(දයාසීලි ලියනගේ)
ඉන්ධන, ඩොලර් හා ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණත් ජලාශවල ජල මට්ටම තදින් පහළ බැසීම සිදු වුවහොත් විදුලිය කැපීම නතර කළ නොහැකි වනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අදහස වී ඇත.
විදුලිය බෙදා හැරීමේ සමතුලිතතාව රැක ගැනීම සිදු කරන්නේ ජල විදුලිය යොදාගැනීමෙන් වන අතර ජලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම අවම වීම මගින් විදුලිය බෙදා හැරීමේ තාක්ෂණික ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය සඳහන් කරයි.
අද වන විට විදුලිය අවශ්‍යතාවයෙන් සියයට 16 ක් සඳහා ජලය යොදා ගන්නා අතර මේ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව වාර්තාවේ. වගාවට හා බීමට ජලය ලබාදීමට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතුව ඇති නිසා ඉදිරි සති දෙක හෝ තුනක කාලය තුළ ඩොලර් හා ඉන්ධන ලැබුණත් විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇත.
ජලාශ පිරී ඉතිරියාමට තරම් වර්ෂාව ලැබෙන්නේ මැයි මාසයේදී වුවත් මෙවර පවතින දේශගුණික තත්ත්වය යටතේ මැයි මාසයේදී ප්‍රමාණවත් වැස්සක් ලැබීම සැක සහිත බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd