(නිශාන්ත කුමාර බණ්ඩාර)
විවිධ අවශ්‍යතා මත කෙටි කාලීන සංචාර සඳහා ඉන්දියාවට ගොස් සිටින 1500 ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නෞකා මගින් ගෙන්වීමට කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව ඩග්ලස් දේවානන්දා සහ දිනේෂ් ගුණවර්ධන යන අමාත්‍යවරු ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාට්ලි මහතා සමඟ සාකච්ඡා කර ඇත.
කොවිඩ් වයිරසය ව්‍යාප්තිය නිසා ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස අදියරෙන් අදියර නැව් මගින් මෙරටට ගෙන්වා ගැනීමට එකඟ වී තිබේ.
දෙරටේ සෞඛ්‍ය නීති රීතිවලට අනුව ඔවුන් ගෙන්වා ගැනීමට කටයුතු කෙරේ.
මේ අතර ඉන්දීය ධීවරයන් මෙරට සාගර කලාපයේ ධීවර කටයුතුවල යෙදීම නතර කිරීම සඳහා ද මෙහිදී සාකච්ඡා වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd