ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා
(දයාසීලි ලියනගේ)
වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විකුණා ඇති බවට අධිකරණය තීන්දු කළහොත් චූදිත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන්ට මරණ දඬුවම නියම වන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා කීය.
පූර්ණ විමර්ශනයකින් පසු අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් විය යුතු අතර, එහිදී සාක්ෂි සහිතව චෝදනා ඔප්පු වුවහොත් විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ හේතුව මත ඔවුන්ට මරණ දඬුවම හිමි වන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.
රජයේ නිලධාරින් ලෙස ඔවුන් සම්බන්ධයෙන් ද නීතිය සමාන බවත් ඒ මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය විකිණීමත් මරණ දඬුවම හිමි වන වරදක් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd