(අජන්ත කුමාර අගලකඩ)
අලුතින් ආසන සංවිධායකවරුන් තිස් දෙනෙකු පමණ පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන සංවිධාන කටයුතු සිදුකිරීම සඳහා මෙම පිරිස පත්කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
එම පිරිස තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති බව කී මන්ත්‍රීවරයා පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔවුන්ට ළඟදීම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd