(ජයන්ත සමරකෝන්)
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා ලහිලහියේ බඳවාගන්නා ලද අළුගෝසුවන් දෙදෙනා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බව වාර්තා වේ.
මෙම දෙදෙනාගේ ජීවිතාරක්ෂාව සඳහා බුද්ධි අංශ රැකවරණය සහිතව වැලිකඩ විශෝධන පුහුණු අංශයේ නේවාසිකව විසීමට වෙනම ස්ථානයක් ලබාදී ඇතැයි ද පැවසේ.
මොවුන්ගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයෙකු වේ.
ගාල්ල හා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දෙදෙනාගෙන් අයෙකු විවාහකයෙකු බවද දැනගන්නට තිබේ. දෙදෙනාටම නිවෙස් කරා යාමට අවසර ඇතත්, ඔව්හු පිටතට යාමට වැඩි කැමැත්තක් නොදක්වන බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd