(අජන්ත කුමාර අගලකඩ) 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සහ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අතර හදිසි හමුවක් ඉකුත් සතියේ පැවැති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ ඉකුත් සඳුදා රාත්‍රියේ මෙම හමුව පැවැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුවෙන් ඉවත්වූ මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් තිදෙනකු හැර ඉතිරි මන්ත්‍රීවරුන් සියලු දෙනා ඊට සහභාගි වී ඇති අතර එවැනි සාකච්ඡාවක් පැවැති බව දෙපාර්ශ්වයම තහවුරු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd