IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිරුණිකාට එරෙහි විනය පරික්ෂණයට එජාප මන්ත්‍රී කණ්ඩායමේ විරෝධය

(දයාසීලි ලියනගේ)   
මාධ්‍යයට ප්‍රකාශයක් කළේ යැයි කියනු ලබන හේතුව මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට එරෙහිව විනය චෝදනාවක් ඉදිරිපත් කළහොත් ඊට විරෝධය දක්වා අනිද්දා (8) සිදුකෙරෙන පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පසුපෙළ මන්ත්‍රීවරු 30 ක පිරිසක් තීරණය කර ඇතැයි වාර්තා වේ.   

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට මාධ්‍යයට කරුණු දැක්වීම වැළැක්වීමට ගනු ලබන මෙම ක්‍රියාමර්ගය පිළිබඳව දැඩි විරෝධය දක්වන බව පසුපෙළ මන්ත්‍රීවරයෙක් කීය.   


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යයකට අදහස් දැක්වීම පිළිබඳව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව සිරිකොත ආරංචිමාර්ග සඳහන් කර ඇති බවත් එවැන්නක් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් එම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.   


පසුපෙළ මන්ත්‍රීවරු 30 දෙනෙක් රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළහොත් ඊට විරුද්ධව ලබන 8 වැනිදා පාර්ලිමේන්තු සැසිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි නොවීමට තීරණය කළ බවද ඔහු කීය.   


ලබන 8 වැනිදායින් පසු විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පසුව තීරණය කරනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.   

 



අදහස් (0)

හිරුණිකාට එරෙහි විනය පරික්ෂණයට එජාප මන්ත්‍රී කණ්ඩායමේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site