(දයාසීලි ලියනගේ)  

සම්බාධක පනවා ඇති රටකට වක්‍ර ආකාරයෙන් උදව් උපකාර කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් ක්‍රියාකර ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර ආරක්ෂක අංශයක් රජයට දැනුම් දී ඇතැයි   වාර්තා වේ.  

 

හිටපු ඇමැතිවරයකු වූ මෙම ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලෙසට ද එම ජාත්‍යන්තර ආරක්ෂක අංශය ඉල්ලා ඇති බව සඳහන් වේ.  


 ශ්‍රී ලංකාවට ආසන්න කුඩා රටක් මේ සඳහා සහාය කරගෙන ඇති අතර එහි ප්‍රධාන තනතුරක සිටි දේශපාලනඥයකුගේ සහාය ද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත.  


 බැඳුම්කර ගනුදෙනුවට අද‌ාළ මුදල් හුවමාරු වී ඇත්තේ ද මෙම කුඩා රට හරහා බවට තොරතුරු වාර්තා වේ.