(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ මෙන්ම එම පක්ෂයේ වත්මන් ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක මහතාගේ මව වූ ශ්‍රීමා දිසානායක මහත්මිය සිකුරාදා (29) අභාවප්‍රාප්ත වූවාය.
දින කිහිපයක් අසනීප තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 77 වැනි වියේ පසුවූ ඇය තිදරු මවක් වූවාය.
නවීන් දිසානායක මහතාගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ද මව වන ඇයට අරුණි තාරුකා නමින් දියණියක ද සිටී.
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස 1994 වසරේ ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු ඇති වූ අඩුව පුරවමින් ශ්‍රීමා දිසානායක මහත්මිය එවර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූවාය.
ඇගේ දේහය විජේරාම මාවතේ පිහිටි නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීමා දිසානායක අභාවප්‍රාප්ත වෙයි