(දයාසීලි ලියනගේ) 

පාර්ලිමේන්තුවේ විපක්ෂ සංවිධායක තනතුර සඳහා සිව් දෙනකුගේ නම් යෝජනා වී ඇත. 


පාඨලී චම්පික රණවක, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ නම් මෙම තනතුර සඳහා ඉදිරිපත් වී ඇතැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. 

මේ පත්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය. 
 පක්ෂයේ නායක සජිත් ප්‍රේමද‌ාස මහතා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඔහු කීය.