(දයාසීලි ලියනගේ)
ආයතන 21කින් රුපියල් මිලියන 13,17,454ක ණය මුදල් ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය ඇපකර ලැයිස්තු ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය වෙනවිට මෙම ඇපකර මුදල් ඒ ඒ ආයතනවලට ලබාදී තිබූ බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.
මහා භාණ්ඩාගාරය ඇපකර ලබා දී ඇති ආයතන වශයෙන් මහජන බැංකුව, ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දියානු එක්සිම් බැංකුව ඇතුළු ආයතන 21ක් සඳහන් වේ.
එම වාර්තාව සඳහන් කරන ආකාරයට ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, වී අලෙවි මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවකට ණය ලබාදී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.