(උපුල් වික්‍රමසිංහ)
මේ වසරේ මාර්තු මස සිට යතුරුපැදි හා ඒවායෙහි අමතර කොටස් ආනයනය නතර කිරීමට ගත් තීරණය නිසා යතුරුපැදි කර්මාන්තය ආශ්‍රිත සෘජු හා වක්‍ර රැකියාවල නිරත ලක්ෂ පහකට අධික පිරිසක් මේ වන විට මහත් දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවට ඉරිදා ලංකාදීපය කළ සොයා බැලීමක දී තොරතුරු අනාවරණය විය.
යතුරුපැදි අලෙවි නියෝජිතයන්, යතුරුපැදි අලෙවිසල් හිමියන් හා ඔවුන්ගේ සේවකයන්, යතුරුපැදි ගරාජ් හිමියන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් මෙන්ම යතුරුපැදි ආසන මසන්නන්, පැතිකණ්ණාඩි නිෂ්පාදකයන් ආදී වශයෙන් විශාල පිරිසක් මේ අතර සිටින බවට එහිදී තොරතුරු හෙළි විය.
යතුරුපැදි මෙන්ම ඒවායෙහි අමතර කොටස්වල පවතින වෙළෙඳපොළ හිඟය නිසා යතුරුපැදි අලුත්වැඩියා කරන ගරාජ් හිමියන් විසිදහසකට වැඩි පිරිසක් සිය වෘත්තීන් කරගත නොහැකිව අසරණ වී සිටින බව ද දැනගන්නට ලැබෙයි.
යතුරුපැදි ආනයනය තහනම් කර ඇති නිසා අලුතින් යතුරුපැදි මිලට ගැනීමට අපේක්ෂාවෙන් සිටි විශාල පිරිසකට ඒ සඳහා ඉඩ ඇහිරී ඇති අතර භාවිත කළ යතුරුපැදිවල මිල ගණන් ද මේ වන විට විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට ඔවුහු මැසිවිලි නගති.
2025 දෙසැම්බර් මස 30
132
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි ආශ්‍රිත රැකියාවල ලක්ෂ 5 ක් අසරණයි