IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුල්ලවයික්කාල් සමරුවෙන් යළි මතුවන කොටි පුල්ලි

 

දශක තුනක අමිහිරි මතකයන් වූ යුද භීතිකාව අවසන්වී වසර 09 ක් ගෙවීමට ඇත්තේ තවත් දින කිහිපයකි. ඒ වෙනුවෙන් නිර්මාණය වූ යුද සැමරුම් ද වාර්ෂිකව පැවැත්වේ. ඒවා රට ජාතිය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් වෙනුවෙන් මෙන්ම අනෙක් අතින් යුද්ධයට මැදිව මිය ගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වූ සැමරුම්ය. 


2018 මැයි මස 18 ​ෙවන විට යුද භීතිකාව ඇති කළ ඊනියා සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මිය ගොසින් වසර 09 ක් ගත වූ විට ප්‍රභාකරන් නිසාවෙන් මියගිය සාමාන්‍ය වැසියන් වෙනුවෙන් සිදුකෙරෙන ශාන්ති කර්මයන් ද නව වැනි වතාවටත් මෙවර මුලතිව්, වෙල්ලමුල්ලි වයික්කාල්හි සැමරීමට සියල්ල සූදානම් කොට හමාරය. 


 යුද්ධය අවසන් වීමත් සමඟ එළඹි පළමු වසරවලදී කළ යුද සැමරුම්වලට වඩා වෙනස් වූ ස්වභාවයකින් දැන් සැමරීමට එක් එක් පාර්ශ්වයන් මානබලමින් සිටිනු පෙනේ. එහි ප්‍රතිඵලයක් වූවේ යුද සැමරුම් ස්මාරක නිර්මාණයකොට වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළේ ස්ථාපිත කිරීමය. කෙසේ නමුත් මේ ස්මාරකයන්හි නිත්‍යානුකූල භාවය හා නීති විරෝධී භාවයන් හේතුවෙන් යුද ස්මාරක වෙනුවෙන් මුලතිව් අධිකරණයේ නඩු පැවරීම ද අමතක නොකළ යුත්තේ කොටි පුල්ලි වෙනුවෙන් හිස එසවීමක් නැවත ඉඩ දිය යුතු නොවන නිසාවෙනි. 


 මෙවර වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම මීට පෙර පැවැති සැමරුම්වලට වඩා වෙනස් ස්වභාවයක් ගැනීමේ වැඩි ප්‍රවණතාවක් පවතින්නේ මෙවර යුද සැමරුම මහ ඉහළින්ම සමරන්නට උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ප්‍රමුඛ උතුරු පළාත් සභාව හරහා දෙමළ ජාතික සන්ධානය මාන බලමින් සිටින නිසාවෙනි. 


 පසුගිය වසරේද වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම උතුරු පළාත් සභාව හරහා සිදුකෙරුණේ මියගිය ජනතාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් යන අයගේ ප්‍රධානත්වයෙන් මල්පහන් දල්වා සෙත් ශාන්ති පැමිණවීමෙනි. 


 නමුත් මේ සැමරුම් වෙනුවෙන් බොහෝ දෙනෙකු එදා කියා සිටියේ දේශපාලනික වාසි වෙනුවෙන් සිදු කෙරෙන සැමරුමක් විනා ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන සැමරුමක් නොවන බවය. 


 ඒ කියමන් සාක්ෂාත් කරමින් බළලා මල්ලෙන් එළියට පැන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට අත ගැසීමත් සමඟය. 


පළමුව යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විසින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ප්‍රදේශයට ගොස් එම භූමිය සුද්ධ පවිත්‍ර කර සිටියේ පළමු වතාවට වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට යාපනය සරසවියේ සිසුන් ද සහභාගි වන බවට දැනුම් දෙමිනි. 
 මේ හේතුව නිසාම පසුගිය 08 වැනිදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභාවේ සියලුම මැති ඇමැතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණ මේනන් ඇතුළු සිසුන් 6 දෙනෙකුගේ ද සහභාගිත්වයෙන් ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණි. 


 එහිදී වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමැරුම සංවිධානය වෙනුවෙන් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරගත් අතර එහිදී යාපනය සරසවි සිසුන්ගේ මතය ද විමසීය. 


 එහිදී සරසවි සිසුන්ගේ මතය ඉදිරිපත් වීමෙන් පසුව සියල්ලන්ටම හීන් දාඩිය දමන්නට වූයේ ඔවුන්ගේ මතය හාත්පසින්ම වෙනස් වූ එකක් නිසාවෙනි. 


 සරසවි සිසුන් ප්‍රධාන අමාත්‍යවරයාට දැනුම් දී සිටියේ මුල්ලි වයික්කාල්හි මියගිය ජනතාවගේ අයිතිය හා ඒ වෙනුවෙන් සිහිපත් කිරීමේ අයිතිය තිබෙන්නේ උතුරු පළාත් සභාවට පමණද? ඇයි අපිට කැක්කුමක් අයිතියක් නැත්ද? ඒ නිසා මෙවර යුද සැමරුම කිසිදු දේශපාලන ප්‍රමුඛස්ථානයකින් නොවිය යුතුයි. කිසිදු දේශපාලන බලාධිකාරයක් විසින් නොපැවත්විය යුතුයි සියලු දෙනාම එක්ව එකම පිරිසක් මෙන්ම මියගිය වැසියන් වෙනුවෙන් සැමරීම සිදුකළ යුතු බවය. 


 මහා ශිෂ්‍ය සංගමයේ අදාළ මතයත් සමඟ පළාත් සභාවේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධය එල්ලවීම හේතුවෙන් යාපනය සරසවි සිසුන්ට මුල්ලිවයික්කාල් සැමරුමේ සියලු සැරසිලි භාර දුන්නද එය මහා ශිෂ්‍ය සංගමය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එදින සාකච්ඡාව නැවත 10 වැනිදාට පැවැත්වීමට උතුරු මහ ඇමැතිවරයාට සිදු විය. එදින ද මහා ශිෂ්‍ය සංගමයට ආරාධනා කර තිබිණි. 


 නමුත් කිසිදු සිසුවකු අදාළ සාකච්ඡාව සඳහා සහභාගි නොවිණ. ඊට හේතුව වූවේ පෙර පැවැති සාකච්ඡා අසාර්ථක වීමය. එම සාකච්ඡාවේදී තවත් විශේෂයක් වූයේ පළාත් සභා කමිටු සාමාජිකයින් විසින් ශිෂ්‍ය සංගමයේ මතයට විරෝධය පාමින් කියා සිටියේ මහා ශිෂ්‍ය සංගමය පාලනය ​ෙවන්නේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලන්ගේ ප්‍රධානත්වයෙන් යුත් සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසය (දෙමළ ජාතික ජනතා පෙරමුණ) විසින් වන බවටය. 


 එහිද යම් සත්‍යතාවක් නැතිවාම නොවෙයි. ලංකාවේ අනෙක් සරසවිවල මෙන් යාපනය සරසවියේදී දේශපාලනය ප්‍රධාන බලවේගයක් වී ඇත. මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්න මේනන්ද ගජේන්ද්‍ර කුමාර්ගේ ශිෂ්‍යයකු බවට බොහෝදෙනා පවසති. මේ හේතුව නිසාම යාපනය සරසවිය සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයට නතු කරලීමේ උත්සාහයක් ද පවතියි. 

 


 මේ කරුණු නිසාම උතුරේ බලය පතුරවා ඇති දෙමළ ජාතික සන්ධානයට සරසවි සිසුන් අහිමිවීම මහත් පාඩුවකි. උතුරු මහ ඇමැතිටද එය මහත් පාඩුවකි. යම් හෙයකින් මුල්ලිවයික්කාල් යුද සැමරුම යාපනය සරසවි සිසුන් වෙනම සැමරීමට පියවර ගන්​ෙන් නම් එය දෙමළ ජාතික සන්ධානයට මහත් පාඩුවක් වී ඇති නිසාවෙන් කෙසේ හෝ යාපනය සරසවි සිසුන් ද යුද සැමැරුමට තමන්ගේ ප්‍රධානත්වයෙන් එකඟ කරවා ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටිති. 


එම උත්සාහයන් කුමන අයුරකින් සිදු වුණද මෙවර වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුම මහ ඉහළින්ම සිදුකිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු අනෙකුත් සංවිධානයන් වෙර දරන්නේ කුමන හේතුවක් නිසාද යන්න දෙවරක් සිතිය යුතුය. 


 ‘එක් අතකින් මියගිය සාමාන්‍ය වැසියන් නිසාම ද එසේ නොවන්නට දේශපාලන වාසි වෙනුවෙන් ද එසේත් නොවන්නට ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට කෙරෙන යුද අපරාධ චෝදනාවට යම් සහතිකයක් දීමට සැරසීමක් ද යන්න සිතිය යුතුය. 


 යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ අයිතිය සෑම අයෙකුටම ඇත. නමුත් එහි ප්‍රතිඵලය යහපත් විය යුතුය.

සටහන - ඡායාරූප 
 වන්නි රෝමේෂ් මධුෂංඛ



අදහස් (0)

මුල්ලවයික්කාල් සමරුවෙන් යළි මතුවන කොටි පුල්ලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31377 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13615 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11018 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1034 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site