IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාරක වයිරසය රටවල් 177 කට පැතිරෙයි

ජිනීවාහිදීය (රොයිටර්)  

ඉන්දියාව දින 21කට සම්පූර්ණයෙන්ම වසා දමයි


ඕස්ට්‍රේලියාවේ අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ගැටළුවක්


චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමින් ව්‍යාප්තවීම ආරම්භ වූ ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, මේ වනවිට ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ 177 ක් පුරා පැතිර ගොස් අවසන්ය.   

17,000 ක් වයිරසයට බිලිවෙද්දී, ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවා යද්දී, වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 102,000 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 25 වැනිදා නිවේදනය කළේය.   


වයිරසය ව්‍යාප්තවීම වළක්වමින්, ලෝකයේ ප්‍රධාන රටවල් රැසක්, මේ වනවිට එම රටවල් ‘ලොක් ඩවුන් එසේත් නැතිනම් සම්පූර්ණයෙන් වසා දමා ඇත.   
ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, දකුණු අප්‍රිකාව පමණක් නොව, බිලියන 3.1 ක ජනහහනයක් වෙසෙන ඉන්දියාව ද ඒ අතර වෙයි.   


ඉන්දියාව මුළුමනින්ම වසා දැමීමට (ටෝට්ල් ලොක්ඩවුන්) අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජය තීරණය කළේ පසුගිය 24 වැනිදා ය. ඒ අනුව, ඉන්දියාව දින 21 ක් වසා දැමෙනු ඇත.   


දැනට ආරම්භ වූ ‘ලොක් ඩවුන්’ ක්‍රියාවලිය සාර්ථක වුවහොත්, සති 12 ක් ඇතුළත බ්‍රිතාන්‍යය තුළ වයිරසය ව්‍යාප්තිය අඩු කර ගැනීමට හැකිවේවි යැයි තමන් විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.   


එසේ වුවහොත් ඉන් ඉදිරියට මාස 3 ක් ඇතුළත අසාදිතයන් ගණන කෙමෙන් කෙමෙන් පහළ යනු ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ අදහසය. කෙසේ නමුත් වයිරසය හේතුවෙන් ආර්ථිකයට සහ සමාජයට එල්ල වන බලපෑම වචනයෙන් විස්තර කළ නොහැකි යැයි බ්‍රිතාන්‍ය ආර්ථික විශ්ලේෂකයෝ පවසති.   


නවසීලන්තය ද මාසයක් සඳහා ලොක්ඩවුන් කිරීමට එරට අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය. ඒ, නවසීලන්තයෙන් හමුවුණු කෝවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 200 පසු කරද්දී ය. නවසීලන්ත වැසියන් සෑම දෙනකුටම නිවෙස්වලට වී සිටින්නැයි අගමැතිනිය උපදෙස් දුන්නාය.  ඔස්ට්‍රේලියාවට ද ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ බලපෑම් එල්ල වී ඇති අතර, ප්‍රාන්ත මට්ටමින් තහංචි පැනැවීමට අගමැති ස්කොට් මොරිසන් පියවර ගෙන තිබේ. මේ වනවිට ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයන් 2,500 කට වැඩි පිරිසක් හමුවී ඇත.   


ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් ඇත්තේ සීමිත දැඩි සත්කාර ඒකක ප්‍රමාණයක් බවත් අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ගැටලුවක් වී ඇති බවත් අගමැති මොරිසන් පැහැදිලි කර තිබේ.   


ඊට අමතරව, මංගල උත්සවයක් පැවැත්වෙන්නේ නම්, ඊට සහභාගී විය යුතු ගණන 5 ක් බවත්, අවමංගල උත්සවයක් නම් ඊට සහභාගී විය යුතු ගණන 10 ට අඩු විය යුතු බවත් අගමැතිවරයා ජනතාවට උපදෙස් දී ඇත. ඉතාලියෙන් පසු ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වනු ඇත්තේ ඇමෙරිකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.   


ඉතාලියට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. පසුගිය 25 වැනිදා වනවිට ඇමෙරිකාවෙන් වර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 55,000 ඉක්මවීය. ඇමෙරිකාවේ නිව්යෝක් නුවරින් පමණක් මරණ 200 ක් වාර්තා විය.   


චීනයෙන් පිට ‘කෝවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති අයුරු. 

 



අදහස් (0)

මාරක වයිරසය රටවල් 177 කට පැතිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site