(අසුන්තා එදිරිසූරිය)
පුවක් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය ඉහළ යාමත්, දුම්බීම හා මත්වතුර වැනි ඇබ්බැහිවීම් හේතුවෙන් මුඛ පිළිකා රෝගයට ගොදුරුවන පිරිමින්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි වාර්තා වේ.
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය උදය උස්ගොඩආරච්චි මහතා ප්‍රකාශ කළ අන්දමට වසරකට මෙරටින් මුඛ පිළිකාවලට ගොදුරුවන රෝගීන් 2700ක් පමණ හඳුනා ගැනෙන අතර ඉන් 2100ක්ම වයස අවුරුදු 35ට වැඩි ඉහතින් සඳහන් ඇබ්බැහිවීම්වලට යොමු වූ පිරිමි වෙති.
කලින් හඳුනා ගැනීමෙන් පූර්ණ සුවය ලැබිය හැකි මුඛ පිළිකාවට ගොදුරුවන නව රෝගීන් 7 දෙනෙක් දිනකට හඳුනා ගැනෙන අතර දිනකට 2ක් හෝ 3ක් අතර පිරිසක් මිය යන බව ද සඳහන් වේ.
මුඛ පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකාමය තත්ත්වයේදී ඇතිවන වේදනාවකින් තොරව මුඛයේ සුදුලප, රතුලප ඇතිවීම, කට සුදුමැලිවීම, රළු ගතියක් ඇතිවීම වැනි තත්ත්වයන් හඳුනා ගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම වළකා ගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd