යළි පණ දෙන්නේ පොදු පෙරමුණටයි
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 17කින් යුතුව පිහිටුවන ලද ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිලධාරී මණ්ඩලය පත්කිරීම ලබන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව සිදුකෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව සන්ධානයේ සම නායකයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පත්කිරීමට දෙපාර්ශ්වය එක්ව තීරණය කර ඇති නමුත්, එය ද ලබන 16 වැනිදායින් පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
1993 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණ සංශෝධනය කරමින්, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කෙරෙන අතර. එහි ලකුණ ද පුටුව ලකුණ වේ.
ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයට ශ්‍රීලනිපය, පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පුටුව ලකුණින් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවා ඇති අතර, පක්ෂ දෙක අතර විශ්‍වාසය තහවුරු කිරීමේ අරමුණින්, ජනාධිපතිවරණයට පෙර එම ගිවිසුම අත්සන් කළ බව එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.
නව සන්ධානයේ මහලේකම් ධුරය පොදුජන පෙරමුණටත්, නියෝජ්‍ය මහලේකම් ධුරය හා ජාතික සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හිමිවනු ඇත.
නව සන්ධානයේ හවුල්කාර සෙසු පක්ෂවලට උපලේකම් ධුරය හා උපසභාපති ධුරය බැගින් පිරිනැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොහොට්ටු - ශ්‍රීලනිප නව සන්ධානයට නිලධාරින් පත්කිරීම ජනපතිවරණයෙන් පසු