
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් දේශපාලන සන්ධානය පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ඡාවක් ලබන සති අන්තයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ හවුල්කාර පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වේ. නව සන්ධානය පිහිටුවීමට අදාළ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා ශ්‍රීලනිපයෙත් පොදුජන පෙරමුණෙත් පක්ෂ නායකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් කමිටුවක්ද පත්කර ඇති අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා එම කමිටුවේ කැඳවුම්කරු ලෙස කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd