(මහින්ද නිශ්ශංක)
ලෝක වෙළෙඳ පොළේ පොල්තෙල් මිල ඉහළ යාමෙන් මෙරට පොල් තෙල් ආනයනය ඇනහිට ඇතැයි පොල්තෙල් වෙළෙඳපොළ ආරංචිමාර්ගවලින් අනාවරණය වේ.
පොල්තෙල් ආනයනයේදී මෙට්‍රික් ටොන් එකක් සඳහා මෙතෙක් පැවැති රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක ආනයන බද්ද මෙවර අයවැයෙන් රුපියල් එක්ලක්ෂ දසදහස දක්වා අඩුකර ඇතත් ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් පොල්තෙල් ආනයනය නතර කර ඇතැයි ඔව්හු පවසති.
ලෝක වෙළෙඳ පොළේ ඇමෙරිකන් ඩෙලර් 800 ට 1000 ට තිබූ පොල්තෙල් මෙට්‍රික් ටොන් එකක මිල මේ වන විට ඩොලර් 1730 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පෙන්වා දෙන පොල්තෙල් ආනයනකරුවෝ මෙම මිලට ආනයනය කරන පොල්තෙල් කිලෝවක තොග මිල රුපියල් 386.42 ක් පමණ වන බවද කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd