IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ප්‍රාදේශීය සංවර්ධනයට දෙනවා කී ලක්ෂ 50 ශ්‍ර්‍රීලනිපයට තවම ලැබී නෑ

(දයාසීලි ලියනගේ) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් ලබා දෙන බව පසුගිය අප්‍රේල් මාසයේදී පො​ෙරාන්දු වී ඇතත් මෙතෙක් එය ඉටුවී නැති බව වාර්තා වේ. 

මෙම මුදල් ලබාදීම පිළිබඳව පසුගිය සතියේත් විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එහිදී ද මෙම මුදල් ගැන සාකච්ඡා වූ බව බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී බුවනෙක නානායක්කාර මහතා කීය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ හා පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වී ඇත. එහිදී ප්‍රදේශයේ සංවර්ධන වැඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හරහා සිදුවෙන බවටත් සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් දෙන බවටත් ප්‍රකාශ වී ඇත. 


මෙහිදී පසුගිය අප්‍රේල් මාසයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 50 ක මුදලක් දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනු ලැබුවත් එම මුදලවත් මෙතෙක් ලැබී නැති බව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පෙන්වා දුන් බව ද බුවනෙක නානායක්කාර මහතා කීය.

 



අදහස් (0)

ප්‍රාදේශීය සංවර්ධනයට දෙනවා කී ලක්ෂ 50 ශ්‍ර්‍රීලනිපයට තවම ලැබී නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site