IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තුන්දෙනෙක්

පුපුරණ ද්‍රව්‍ය කිලෝ හාර ලක්ෂයක් ඉකුත් වසරේ ගෙනත්   

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)   

පුපුරණ ද්‍රව්‍ය කිලෝ හාර ලක්ෂයකට ආසන්න තොගයක් 2018 වසරේ දී මෙරටට ගෙන්වා ඇති බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් ඉරිදා ‘ලංකාදීප’යට පැවැසීය.   
පුපුරණ ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රධාන පෙළේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනකුට අනුමැතිය ලබා දී ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි. 

ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ වරායට වාර්ෂිකව ගෙන්වන මෙම පුපුරණ ද්‍රව්‍ය තොග රජයේ ආරක්ෂක අංශයකට අයත් භූමියක සුරක්ෂිත ලෙස ගබඩා කර තබනු ලැබේ.   


සංවර්ධන කටයුතු ගල්කොරි, ගිනිකෙළි කර්මාන්ත ශාලා හා ගිනි පෙට්ටි කර්මාන්තශාලා හිමි පුපුරණ ද්‍රව්‍ය මිලදී ගැනීමට බලපත්‍ර නිකුත් කර ඇති අයට නියමිත ප්‍රමාණය මිලදී ගැනීමේ හැකියාව ඇති බව එම ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියා කීය.   


නියමිත ප්‍රමාණය ලබා ගැනීමට පෙර බලපත්‍ර ලාභියා ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ඒ සඳහාද නිසි අවසරයක් ලබාගත යුතු බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.   


මෙසේ ලබාගන්නා පුපුරණ ද්‍රව්‍ය ඇතුළු බලපත්‍ර ලාභි ව්‍යාපාරිකයන් ඒවායින් කොටසක් වැඩි මිල ගණන්වලට විකුණන බවට තොරතුරු ලැබී ඇතැයි බුද්ධි අංශ නිලධාරියෙක් කීය.   
පසුගිය දිනවල රට පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වල දී ඇතැම් ප්‍රදේශවල සඟවා තිබිය දී සොයා ගනු ලැබුවේ එවැනි පුපුරණ ද්‍රව්‍ය තොග බව වැටලීම් මෙහෙයවන උසස් පොලිස් නිලධාරිහු කිහිප දෙනෙක් පෙන්වා දුන්හ. 

 

 



අදහස් (0)

පුපුරණ ද්‍රව්‍ය ගේන්නේ මුස්ලිම් ව්‍යාපාරිකයන් තුන්දෙනෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site