IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


පන්සල් පල්ලිවලට පහර දුන්නේ කවුද?

හෙළ උරුමය සහ බොදුබල සේනාව අතර සබඳතාවක් නෑ


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප්, දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.  


පල්ලිවලට එල්ල වූ ප්‍රහාර පසුපස බොදුබල සේනා සංවිධානය සිටින බවට මේ වනතෙක් පොලිසිය නිශ්චිත ලෙස සඳහන් කර නැත. එම සංවිධානයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ සමහරුන් මේ ප්‍රහාර එල්ල කර ඇති බව පමණක් පොලිසිය පවසා තිබේ. එම ප්‍රහාර බොදුබල සේනා සංවිධානය මඟින් සැලසුම් කර සිදු කර ඇති බවක් එයින් හැඟීයන්නේ නැත.   


ජාතික හෙළ උරුමයට අනන්‍යවූ දේශපාලන විධික්‍රම තිබේ. යුද්ධය කළ යුතු වූ අවස්ථාවේ අප පක්ෂයේ ස්ථාවරය වූයේ එය කළ යුතුම බවයි. යුද්ධය කළ යුතුය යන්න හෙළ උරුමයේ ස්ථාවරය වුවත් දෙමළ ජාතික ව්‍යාපාරික ස්ථානවලට පහර දිය යුතු යැයි අපි නොකීවෙමු. දේශපාලනයේදී අපි එවැනි ක්‍රියාමාර්ග භාවිත නොකරන්නෙමු.   


ජාතික හෙළ උරුමය මේ ක්‍රියාකාරකම් පසුපස හිඳිමින් බොදුබල සේනා සංවිධානයේ ඥානසාර හිමි ආරක්ෂා කරන බවට තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වුවමනාවටය. එමෙන්ම අනිත් පැත්තෙන් රාජපක්ෂ මහතා අප පක්ෂය අපහසුතාවට පත් කිරීම සඳහා උදය ගම්මන්පිල වැන්නන් යොදා ගන්නා බවක් ද දැකිය හැකිය.   


ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවකදී ජාතික හෙළ උරුමයත් ඥානසාර හිමිත් අතර සම්බන්ධයක් තිබෙන බව ඒත්තු ගැන්වීම සඳහා 2004 කාලයේදී උන්වහන්සේ හෙළ උරුමයේ දැරූ තනතුරක් පිළිබඳ කතාවක් කියනු අපි දුටුවෙමු. නමුත් 2004න් පසු උන්වහන්සේ එජාපයේ සාමාජිකයකු ලෙස කටයුතු කළහ. එහිමියන් එජාපය සමඟ කටයුතු කරන කාලයේදී බොදුබල සේනා සංවිධානය යන නම ද කරළියට පිවිසිණි.  


අනතුරුව උන්වහන්සේ මහින්ද රාජපක්ෂ සමඟ සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගත්හ. ඒ සබඳතාව කොතෙක් ද යත් ගෝඨාභය රාජපක්ෂ මහතා බොදුබල සේනා සංවිධානයට අවශ්‍ය සියලු දේ ලබාදෙමින් එය පෝෂණය කළේය. එහි යටි අරමුණ වූයේ ජාතික හෙළ උරුමයේ පදනම විනාශ කිරීමයි. එබැවින් ජාතික හෙළ උරුමයයි බොදුබල සේනා සංවිධානයයි අතර සබඳතාවක් පවතින්නේ යැයි කියා කවුරුන් හෝ කියන්නේ නම් එය වැරැදි අදහසකි.   


2004 වසරේදී ඥානසාර හිමියන් අප පක්ෂයේ සාමාජිකයකු වී සිටිය ද පසුව ඉවත් විය. 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ මහතාට උදව් කරන විට උන්වහන්සේ උදව් කළේ එජාපයටය. 2010 ජනාධිපතිවරණයේදී අප නැවතත් රාජපක්ෂ මහතාට උදව් කරන විට උන්වහන්සේ උදව් කළේ සරත් ​ෆොන්සේකා මහතාටය. 2015 ජනාධිපතිවරණයේදී අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වනවිට උන්වහන්සේ​ගේ අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ ය.  


තත්ත්වය මෙසේ නම් අප අසන ප්‍රශ්නය වන්නේ 2004න් පසු උන්වහන්සේ එජාප ශ්‍රීලනිප යන ප්‍රධාන පක්ෂ දෙක සමඟ සබඳකම් පවත්වා තිබියදී ඒවා ගැන කතා නොකර ජාතික හෙළ උරුමයත් සමඟ තිබූ සබඳතා ගැන පමණක් කතා කරන්නේ ඇයි ද කියාය  

 


අපට අවශ්‍ය මේ ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න නිවන්නයි


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි.  


හඳුනාගත් සිද්ධීන් වර්ග කීපයක් තියෙනවා. ආගමික සංහිඳියාව බිඳ දැමෙන පරිදි විවිධ පිරිස් කරන ප්‍රකාශ සහ සමාජ ජාල වෙබ් අඩවිවලින් එක් එක් ආගමික නායකයන්ට හා දාර්ශනිකයන්ට හානි වෙන විදියට කරන ප්‍රකාශ ඒ අතරින් එක වර්ගයක්. ඒ වගේ සිද්ධීන් 21ක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් මේ කියන ජනවර්ග තුනම නියෝජනය කරන පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට වගේම පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් විරුද්ධව පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පැමිණිලි ගැන අපි දැනට විභාග කරගෙන යනවා.

 
උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන්, පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම්, අසාද් සාලි, රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන් වගේ දේශපාලනඥයන්ට වගේම ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ටත් විරුද්ධව ආගමික සමගියට හානි වෙන විදියට ප්‍රකාශ නිකුත් කිරීම ගැන පැමිණිලි ඉදිරිපත් වෙලා තිබෙනවා.  


දේපළවලට අනර්ථයක් සිදු කිරීම හා පහරදීම පිළිබඳ සිද්ධි 17ක් වාර්තා වෙලා තියෙනවා. ඒවා ගැනත් දැනට පරීක්ෂණ කරගෙන යනවා. ඒවාට සම්බන්ධ බවට සැක පුද්ගලයන් 15ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අතර සිංහල ජාතිකයෝ 12කුත් මුස්ලිම් ජාතිකයෝ 2කුත්, දෙමළ ජාතිකයෝ එක්කෙනෙකුත් ඉන්නවා. නුගේගොඩ, මහරගම, ඇල්පිටිය, මහියංගණය, දන්තුරේ, කුරුණෑගල වගේ ප්‍රදේශවලින් තමයි මේ සිද්ධි වාර්තා වෙලා තියෙන්නේ. පසුගිය සතිය ඇතුළත මෙවැනි සිද්ධි වාර්තා වුණේ නෑ.   
විශේෂයෙන්ම කිවයුතු කාරණය තමයි ඇතැම් අය සමාජ ජාලා වෙබ් අඩවි පාවිච්චි කරමින් ජාතීන් අතර අසමගිය අැති වෙන විදියෙ ප්‍රකාශ සිදු කරන සිද්ධි වැඩි වශයෙන් වාර්තා වෙනවා. නාරම්මල ප්‍රදේශයේ මුස්ලිම් හෝටලයක විකුණන බත් පැකට්වල වඳ බෙහෙත් දාලා තියෙනවා කියලා කුරුණෑගල පැත්තේ හාමුදුරුනමක් අන්තර්ජාලයෙ ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. අපි ඒ ගැන විමර්ශනයක් කළාට පස්සේ තේරුණා ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් කියලා. දන්තුරේ ප්‍රදේශයේ මුස්ලිම් තරුණයෙක් එයාගේ ෆේස්බුක් ගිණුමෙ බුදුහාමුදුරුවන්ට අපහාස වෙන විදියෙ ප්‍රකාශයක් දාලා තිබුණු සිද්ධියක් සම්බන්ධයෙනුත් අපි විමර්ශනයක් සිදු කරලා එ් පුද්ගලයාව දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා තියෙනවා.  


අපිට අවශ්‍ය මේ ජාතිවාදී, අාගම්වාදී ප්‍රශ්න ගිනි තියන්න නෙවෙයි. නිවන්න. ඒ නිසා පොලිසිය මේ සෑම පැමිණිල්ලක් සම්බන්ධයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. මේ රට අවුරුදු තිහක් සිවිල් යුද්ධයකට මුහුණ දුන්නා. දිනුවෙ සිංහල ජාතියවත් දෙමළ ජාතියවත් නොවෙයි. හැබැයි රට පැරදුණා. ඒ නිසා රටේ අාපහු ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න අපි ඉඩ තියන්නේ නෑ.  
ශ්‍රී ලංකා පොලිසිය ජාතීන් අතර, අාගම් අතර විරසකබව ඇති වෙන විදියට කටයුතු කරන සෑම පාර්ශ්වයකටම විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.  

 


පල්ලියකට ගලක් ගහලා ජාතික ප්‍රශ්නෙ විසඳන්න පුළුවන් කියා අපි හිතන්නේ නෑ.


ඩිලන්ත විතානගේ, විධායක අධ්‍යක්ෂ බොදු බලසේනා සංවිධානය.  


බොදුබල සේනා සංවිධානයේ අය මේ සිද්ධිවලට සම්බන්ධයි කියන චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. අපේ සංවිධානයේ ඉන්නේ දායක දායිකාවෝ මිසක් සාමාජිකයො නෙමෙයි. බොදුබල සේනා සංවිධානයේ නායක මට්ටමේ කිසිකෙනෙක් ඒ අයව අහවල් තැනට ගහන්න කියලා මෙහෙයවලා නෑ. ගිහි කෙනෙක් මේ වගේ ගැටුමකට සම්බන්ධ වෙච්ච පලියට ඒක බොදුබල සේනාවේ වැඩක් කියලා කියන්න බෑ.   


අපේ සංවිධානය එක්ක සම්බන්ධකම් ගොඩ නගපු සමහරු හිතාමතාම මේ වගේ ගැටුම් ඇති කරන්න කටයුතු කරපු බවටත් අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි කියන්නෙත් වැරැදි කරලා කවුරුහරි අහුවුණොත් ඒ අයට දඬුවම් කරන්න කියලා. බොදුබල සේනා සංවිධානය කවදාවත් අප්‍රසිද්ධියේ වැඩ කරලා නෑ. අපි වැඩ කරන්නේ එළිපිට. අපි කොහෙහරි තැනකට ගියොත් යන්නේ මාධ්‍යත් අරගෙන. පල්ලියකට ගලක් ගහලා ජාතික ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නෑ. සංහිඳියාව හදන්න ඕනෑ සංවාදයෙන් විතරයි.   


ඥානසාර හාමුදුරුවන්ව හංගගෙන ඉන්නවා කියලා සමහරු කිව්වට අපි නම් උන්වහන්සේව හංගගෙන නෑ. අපි දන්න විදියට අදාළ නඩු කටයුත්තට උන්වහන්සේ නීතිඥයෝ යොදවලා තියෙනවා.  


පසුගිය ආණ්ඩුව කාලේ ඥානසාර හිමියන්ට විරුද්ධව දාපු නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය උන්වහන්සේට වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. දැන් මේ වෙන සිදුවීම්වලට බොදුබල ​සේනා සංවිධානය සම්බන්ධ නෑ. හැබැයි බලයට පත් වුණ කිසිම ආණ්ඩුවක් සිංහල බෞද්ධයාගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්නේ නැති නිසා කෝපයට පත් වෙන තරුණයන් මේ විදියට හැසිරෙන්න ඉඩ තියෙනවා.  


ඒත් අපි එහෙම දේවල්වලට කවදාවත් තරුණයන්ට අනුබල දෙන්නේ නෑ. එහෙම තරුණයෝ ඉන්නවා නම් ආණ්ඩුව කළ යුත්තේ ඒ අයව අඳුනාගෙන පුනරුත්ථාපනය කරන එක. ජාතිවාදය අවුලනවා කියලා චෝදනා කරලා තමන්ගෙ ජාතියට අාදාරය කරන මිනිස්සු බොරුවට අල්ලගෙන හිරේ දාන්න ගියොත් ඒක නම් ලොකු මෝඩකමක්.  


සටහන - උපුල් වික්‍රමසිංහ



අදහස් (0)

පන්සල් පල්ලිවලට පහර දුන්නේ කවුද?

ඔබේ අදහස් එවන්න

පුවත්

අපේක්ෂකයන් වැඩි වෙනවිට වියදම ඉහළට
2024 ජුලි මස 27 6 0

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩි වෙනවිට මැතිවරණය පැවැත්වීම සඳහා වෙන වියදම වැල් පොලී ක්‍රමයට ඉහළ යන බව “ඉරිදා ලංකාදීප”ය කළ විමසීමකදී මැතිවරණ කොමසාර


ජනාධිපතිවරණය ගැන සජබ පක්ෂ නායක හමුවක්
2024 ජුලි මස 27 8 0

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක් ලබන බ්‍රහස්පතින්දා (1දා) පැවැත්වේ.


මැතිවරණ නිරීක්ෂණයට ජාජබ සැරසෙයි
2024 ජුලි මස 27 9 0

ජනධිපතිවරණයට අදාළ මැතිවරණ කාලයෙහි සිදුවන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව පැමිණිලි කිරීම් හා තොරතුරු ලබා ගැනීමේ මැතිවරණ නිරීක


තැපැල් පුරප්පාඩු නිසා ලියුම් බෙදීමට බාධා
2024 ජුලි මස 27 7 0

ලිපි බෙදන සේවකයන්ගේ හිඟය නිසා ජනාධිපතිවරණයට අදාළ ඡන්ද කාඩ්පත් නිවෙස්වලට බෙදාදෙන කාලයෙහිදී සාමාන්‍ය රාජකාරි නවතා දමා මැතිවරණයට අදාළ කටයුතු සිදුකරන


වැටුප් වල සැබෑ අගය පහළට - මහාචාර්ය වසන්ත අතුකෝරළ
2024 ජුලි මස 27 9 0

රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය සියයට විස්සකින්ද 2020 - 2024 අත


2023 මුල් මාස දහයට මිනීමැරුම් 488 ක්
2024 ජුලි මස 27 12 0

පසුගිය 2023 වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන්වේ. මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site