IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පාතාලයන් 30ක් අල්ලන්න එස්ටීඑෆ් මෙහෙයුමක්

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

දකුණු සහ බස්නාහිර පළාත් කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක පාතාල සාමාජිකයෝ 30 දෙනකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.  

අත්අඩංගුවට ගැනීමට සොයන මෙම පාතාල සාමාජිකයන් මත් ද්‍රව්‍ය ජාවාරම්, මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ අය බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.   


මෙසේ අත්අඩංගුවට ගැනීමට සොයන පිරිස අතරින් වැඩි දෙනෙක් ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් බවද පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග සඳහන් කරයි.  


මේ අය අතර නායක මට්ටමේ පාතාලයන් දෙදෙනකුද සිටින බව කියති.  


සමහර පාතාලයන් කාන්තාවන් කිහිප දෙනෙක් ඔවුන්ගේ අනියම් බිරියන් වශයෙන් තබාගෙන පාතාල ක්‍රියාකාරකම්වලට උදව් ලබාගන්නා බවටද තොරතුරු ලැබී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.  


අනියම් බිරියන් වශයෙන් තබාගෙන සිටින බව කියන කාන්තාවන්ට එම පාතාල සාමාජිකයන් සුඛෝපභෝගි වාහන, නිවාස හා ඉඩකඩම්ද මිලදී ගෙන පරිත්‍යාග කර ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී ඇති බව දැන ගැනීමට ඇත. ඒ තොරතුරු සම්බන්ධයෙන්ද පොලිස් විශේෂ කාර්ය බළකාය පරීක්ෂණ පවත්වාගෙන යයි.  
මාකඳුරේ මදුෂ් ඇතුළු ප්‍රබල පාතාලයන් ගණනාවක් ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගැනීමත් සමඟම ඔවුන්ගේ ගෝල බාලයන් පදිංචිව සිටි ප්‍රදේශ අතහැර පලාගොස් සිටින බවද එම බළකාය කියයි.  


ප්‍රබල පාතාල නායකයන් සහ ඔවුන්ගේ ගෝල බාලයන් රැසක්ම අවි ආයුධ තොග සහ අත්බෝම්බද සමඟ පසුගිය වකවානුව තුළ වරින්වර අත්අඩංගුවට ගැනීමට හැකිවිණි යැයි පොලිස් විශේෂ කාර්ය බළකාය කීය.  


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ පාතාලයන් ඇල්ලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.   

 



අදහස් (0)

පාතාලයන් 30ක් අල්ලන්න එස්ටීඑෆ් මෙහෙයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 644 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 533 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 438 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site