වෛද්‍ය අංශවල අවධානය
(දයාසීලි ලියනගේ)
නාවික හමුදා භටයන් අතර කොරෝනා වයිරසය පැතිරයාමේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නිරෝධායනයේ ගැටලුවක්ද? නැතහොත් වයිරසයේ යම් සංකූලතාවක්ද යන්න පිළිබඳව සෞඛ්‍ය අංශවල අවධානය යොමු වී ඇත.
දින 21 ක නිරෝධායන කාලයෙන් පසුවත් මේ ආකාරයට වයිරසය පැතිරයාම බරපතල ගැටලුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සොයිසා මහතා කීය.
මේ තත්ත්වය වසංගත රෝග විද්‍යා අංශයට හා කොරෝනා මර්ධනය පිළිබඳ කාර්ය සාධන බළකායට මේ වෙන විටත් දැනුම් දී ඇති බව වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව පී.සී. ආර්. පරීක්ෂණ පැවැත්වීම වේගවත් මදි බවක් පෙන්නුම් කරන බවද ඔහු කීය. පසුගියදා පැවැති ජනාධිපති කාර්ය සාධන බළකායේ සාකච්ඡාවේදී පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් බවද වෛද්‍ය සොයිසා මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාවික සෙබළුන්ට කොරෝනා නිරෝධායනයේ ගැටලුවක්ද? වයිරසයේ සංකූලතාවක්ද?