
(දිනිත් චින්තක කරුණාරත්න - චීනයේ බෙයිජිං නුවර සිට ලියයි)
නොරොච්චෝලය තාප විදුලිය බලාගාරයේ වසර 10කට වඩා පැරණි ටර්බයින ඇතුළු ප්‍රධාන යන්ත්‍ර සූත්‍ර යළි අලුතින්ම සවිකිරීමට චීනය තීරණය කර තිබේ.
චීනය මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය කාලය තුළ නොරොච්චේලේ තාප විදුලි බලාගාරයේ හදිසි බිඳවැටීම් 78කට වඩා වාර්තා වීම නිසාය. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ දිගින් දිගටම වන බිඳවැටීම් ගැන රජය ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් ද චීන රජය වෙත යොමු කිරීමට ලංකා ආණ්ඩුව පියවර ගෙන තිබිණ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ යහ පාලන ජාතික රජය චීනය සමග ඇති කරගෙන තිබෙන අතිශය යහපත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙරෙහි අවධානය යොමු කරමින් නොරොච්චෝලේ තාප විදුලිය බලාගාරයේ නවීකරණ කටයුතු සියල්ලක්ම හැකි ඉක්මනින් කිරීමට තීරණය කළ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශ දකුණු ආසියානු කලාපෙය් උපඅධ්‍යක්ෂිකා ෂෙන් ෂියෝ ෂි ආ මහත්මිය බෙයිජිං නුවරදී පැවසුවාය.
පසුගිය රජය යටතේ නොරොච්චෝලේ තාප විදුලිය බලාගාරය ඉදිකිරීමේදී පාව්ච්චියට ගනු ලැබූ ටර්බයින ඇතුළු විදුලිය උත්පාදන උපකරණ සවි කෙරෙනු බව මෙරට විදුලි ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති විසින් චෝදනා නගන ලදී. නොරොච්චෝලය තාප විදුලි බලාගාරයට නවීන ටර්බයින ඇතුළු විදුලි උත්පාදන යන්ත්‍ර සවි කිරීමට චීනය තීරණය කර ඇත්තේ කිසිදු අමතර මුදල් අය කිරීමකින් තොරවය.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නොරොච්චෝලෙ විදුලිය බලාගාරයට අලුත්ම ටර්බයින චීනයෙන් නොමිලේම