(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ප්‍රමාණවත් කාර්යාල පහසුකම් ලබා නොදීම නිසා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 23 වැනි මහලේ කොටසක කාර්යාලය පවත්වා ගෙනයාම සඳහා මසකට ලක්ෂ 20 ක පමණ අමතර මුදලක් ගෙවීමට රජයට සිදුවෙන බව වාර්තාවේ.

ඇමැති කබීර් හෂීම් මහතා විසින් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහා මීට පෙර වෙන් කර තිබූ කාමර 8 න් 4ක් පවරා ගැනීම නිසා අලුතෙන් පත් කරන ලද නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් මාසිකව අමතර වැය බරක් දැරීමට රජයට සිදුවී තිබේ.
නියෝජ්‍ය ඇමැතිවරයා සඳහා ඉතිරි කාමර 4ට අමතරව මෙම ඉඩ ප්‍රමාණය ලබා ගැනීමට සිදුවී තිබෙන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතාගෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේ නියෝජ්‍ය ඇමැතිවරයා සඳහා ලබා ගැනීමට අදහස් කරන කාර්යාලයේ කුලිය තක්සේරු කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවෙන් විමසා සිටින බවයි.
එම තක්සේරුව මත නියෝජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය සඳහා වන කුලිය තීරණය වනු ඇතැයිද ඔහු කීය.
මේ අතර නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා හෙට (19) සඳුදා වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන්ගේ කාර්යාලයට ලක්ෂ 20ක අමතර මාසික කුලියක්