(දයාසීලි ලියනගේ)
සිකුරාදා (පෙරේදා) දහවල් දිවයින පුරාම විදුලිය බිඳවැටුණේය. නොරොච්චෝල ඇතුළු සියලුම බලාගාරවල විදුලිය බිඳවැටීම සිදුවූ අතර විදුලිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන බව විදුලි ඉංජිනේරු සංගමය සිකුරාදා දහවල් පැවසීය.
යුගදනවි තාප බලාගාරයේ කොටස් ඇමෙරිකාවට ලබාදීමට යාම ගැන විරෝධය දක්වා විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදී සිටි අතර එම ක්‍රියාමාර්ගය නැවැත්වීමට ඔවුහු සිකුරාදා දහවල් තීරණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd