IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තේ වගාවට පොහොර හිඟ නෑ

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

(උපුල් වික්‍රමසිංහ)  


තේ වගාව සඳහා යොදා ගැනෙන රසායනික පොහොර මෙට්‍රික් ටොන් 52,000ක් මේ වනවිටත් තේ කර්මාන්තශාලා හරහා අමු තේ දලු‍ සපයන නිෂ්පාදකයන් වෙත ලබා දෙමින් පවතින නිසා තේ කර්මාන්තයට අවශ්‍ය පොහොරවල හිඟයක් නැති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය සඳහන් කරයි.   

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ මේ මාසයට අවශ්‍ය පොහොර ලබා දෙමින් තිබෙන නිසා පොහොර හිඟයක් ඇති බවටත් ඒ හේතුවෙන් තේ දලු‍ අස්වනු අඩු වී ඇති බවටත් නගන චෝදනා පදනම් විරහිත බවය. 

 
ඉදිරි මාස තුන ඇතුළත තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර සම්පූර්ණයෙන්ම යෙදීමට හැකි වනු ඇති බව කී කොමසාරිස්වරයා, මසකට කිලෝ ලක්ෂයක ධාරිතාවෙන් යුතු ⁣තේ පොහොර නිපදවීම සඳහා ව්‍යවසායකයන් ලියාපදිංචි කර ඇති බවත් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී සකස් කරන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.   


පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේ තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර නිසි පරිදි නොලැබෙන නිසා තේ අස්වනු තුනෙන් දෙකක ප්‍රමාණයකින් පහළ වැටී ඇති බවය.   


හිඟයකින් තොරව පොහොර ලබා දෙමින් සිටින බවට ආණ්ඩුව ප්‍රකාශ කළ ද විශාල පොහොර මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් පොහොර මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීවේය. 



අදහස් (0)

තේ වගාවට පොහොර හිඟ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site