IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටින් මාළු කම්හලකට ගෙනා කෝටි 50ක යන්ත්‍ර පැත්තක

(දයාසීලි ලියනගේ)

ටින් මාළු නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම සඳහා පසුගිය වසරේ ජූලි මාසයේදී රුපියල් කෝටි 50ක පමණ මුදලක් වැය කර ආනයනය කරන ලද යන්ත්‍රවල වගකීම් කාලය මේ වන විට ඉවත්ව ඇතත් මෙතෙක් එම කර්මාන්තශාලාව ආරම්භ කර නැති බව වාර්තා වේ.  

මෙම කර්මාන්තශාලාව පිහිටුවීම සඳහා ගොඩනැගිලි ඉදි කිරීමටත් පෙර අදාළ යන්ත්‍ර ගෙන්වා ඇති බව බස්නාහිර පළාත් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.  


මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම මේ වන විට ආරම්භ කර ඇතත් එය ඉදිකර අවසන්වීමට තවත් මාස කීපයක් ගත වනු ඇතැයි අනාවරණය වී ඇත.  


ටින් මාළු නිෂ්පාදනය සඳහා ගෙන්වන ලද යන්ත්‍රයේ වගකීම් කාලය ඉක්මවා ගොස් තිබෙන නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ ගැන අදාළ නිෂ්පාදන ආයතනයෙන් විමසීමක් කළ නොහැකි තත්ත්වයක් තිබෙන බවද සඳහන් වේ.  

 



අදහස් (0)

ටින් මාළු කම්හලකට ගෙනා කෝටි 50ක යන්ත්‍ර පැත්තක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site