(දයාසීලි ලියනගේ)
ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන දිරිය පුරවැසි සමිති සඳහා වන දිස්ත්‍රික්ක කමිටු රටපුරා පිහිටුවීම මේ මාසයේ සිට ආරම්භ කෙරේ.
දිරිය පුරවැසි සමිති දිස්ත්‍රික් සමුළු වශයෙන් මෙම වැඩ පිළිවෙළ හඳුන්වා ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කීය.
මෙම සමිති මගින් රටපුරා ගම් මට්ටමේ ජනතාව ඒකරාශි කරගෙන ඩෙංගු මර්දන ශ්‍රමදාන ව්‍යාපාර පොදුවේ ජනතා අවශ්‍යතා හා සංස්කෘතික වශයෙන් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබන බවද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්ක මට්ටමේ වැඩ පිළිවෙළ යටතේ වඩාත් පුළුල් ලෙස ජනතා අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.