(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට මුහුණදීම සඳහා මැදපෙරදිග රටවල සහාය ලබා ගැනීමට රජය කටයුතු කරගෙන යන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ දිනවල ඒ සම්බන්ධයෙන් එම රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය මේ මස 22 වැනිදා සිට ලබන මස 19 වැනිදා දක්වා ජිනීවා නුවර දී පැවැත් වේ.
එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් යෝජනාවක් ගෙන ඒමට මහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් 4ක් සූදානමින් සිටින බව වාර්තා වේ.
එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඊට මුහුණ දීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය මිත්‍ර රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd