IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ජාතික ධනය වතුරේ යයි

 

වත්මන් රජය යටතේ ද විවිධ දූෂණ-වංචා සිදුවන බවට තොරතුරු එකින් එක එළියට එමින් පවතී. රජය බලයට පත්වූයේ නම් අල්ලස-දූෂණ-වංචාව පිටුදකින බව සඳහන් කරමිනි. නමුත් දැන් දැන් අනාවරණය වෙන තොරතුරුවලට අනුව මේ යහපාලන රජය යටතේද දූෂණය-වංචාව පිටුදකින බවක් පෙන්නුම් නොකරන බව දැනගන්නට ඇත. 


ඇතැම් දේශපාලනඥයන් හා ඇතැම් රජයේ නිලධාරින් මේ වංචනික ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වේ.


විදුලි බල අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව මෙලෙස චෝදනා ලබන ආයතන අතර ඉහළින්ම පවතී. එයින් ප්‍රධාන තැනක් ගනු ලබන්නේ ජනවාරි 15 දින සිට මාර්තු 31 දක්වා කාලය තුළ ගල් අඟුරු මිලදී ගැනීමෙන් විදුලිබල මණ්ඩලය මඟින් රටට රුපියල් කෝටි 195ක පාඩුවක් සිදුකිරීමයි.


නිත්‍යානුකූල නොවන ආයතනයක් වූ ස්විස් සිංගප්පූරු ආයතනය වෙතින් මෙම ගල් අඟුරු තොගය ගෙන්වා ඇතැයි කියති.
දූෂිත ටෙන්ඩරයක් මගින් මෙම ආයතනයෙන් ගෙන්වන ලද ගල් අඟුරු ටොන් එකක සාමාන්‍ය අගය ඩොලර් 91.75 ක් වී තිබේ. එම ටෙන්ඩරයෙන් ලැබූ පාඩුව රුපියල් කෝටි 195ක් වේ.


ගල් අඟුරු මෙටි්‍රක් ටොන් එකක් ඩොලර් 78ට ගෙන්වා ඇති සමාගම් තිබියදී ස්විස් සිංගප්පූරු සමාගමෙන් ටොන් එකකට රුපියල් 13.75ක මුදලක් වැඩිපුර ගෙවා මිලදී ගෙන තිබිණි.


ස්විස් සිංගප්පූර් ගල් අඟුරු 
ටෙන්ඩරයෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපතිවරයා පවා තහවුරු කර තිබියදීත් ඉන් පසුවත් එම සමාගම මගින්ම යළි ගල් අඟුරු මිලදී ගැනීම නිසා රටට සිදුවූ පාඩුව කෝටි 195කි. මෙම පාඩුව දෙවැනි වන්නේ අන්ත දූෂිත බව කියන බැඳුම්කර වංචාවට පමණක් බව ද සඳහන් වේ.


තවත් බරපතල වංචාවක් විදුලිබල අමාත්‍යාංශයෙන් සි කරනු ලබන බව වාර්තා වේ. ඒ යටතේ මෙරට ස්වාභාවික ද්‍රව්‍ය වායු විදුලි 
බලාගාර ඉදිකිරීම සඳහා අවස්ථා ගණනාවක දී සමාගම් 7 ක් මෙරටට පැමිණ ඇතත් ඒ එකම සමාගමකටවත් ආයෝජන අවස්ථා ලබාදී නැත.


විදුලිබල අමාත්‍යංශය මගින් ඒ සියලු 
ආයෝජන ප්‍රතික්ෂේප කර ඇත. මෙයින් සමාගම් හයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මාස 3ක් තුළ ලංකාවේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට ගිවිසුම් අත්සන් කිරීමට එකඟත්වය පළ කර තිබිණි. 


එහෙත් ඒ සියල්ල නොසළකා හරිමින් විදුලි බල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ස්වාභාවික ගෑස් විදුලි නිෂ්පාදනය සඳහා වැය කළ යුතු මිලට වඩා දෙගුණයකට වැඩි මුදලකට පුද්ගලික අංශය 
නිෂ්පාදනය කරන ඩීසල් විදුලිය මිලදී ගනිමින් විදුලිබල මණ්ඩලයට ඒකකයට රුපියල් 14ක පාඩුවක් සිදු කරමින් සිටින බව දැන ගන්නට ඇත.


මාස හයක් තුළ ආරම්භ කිරීමට එකඟතාව පළ කර තිබූ හම්බන්තොට, කෙරවලපිටිය, සීතාවක, බියගම, කටුනායක ස්වාභාවික ද්‍රව වායු ඉන්ධන බලාගාර ඉදි කිරීම් අත්හිටුවා ඇත. එයින් විදුලිබල මණ්ඩලයට හිමිවීමට තිබූ විශාල ලාභයක් රටට අහිමි කර ඇත.
තවද ඩිසල් විදුලි නිෂ්පාදනයට වැයවන අතිවිශාල මිල නිසා ජනතාවට අනවශ්‍ය බදු බරක් පැටවීමට සිදුවන අතර විදුලි බිල ඉහළයාමටද ඉඩ ඇති බව වාර්තා වේ. මෙම කරුණු පිළිබඳව දූෂණ විරෝධි පෙරමුණ මගින්ද තොරතුරු එළිදක්වා තිබිණි.


විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය
ස්විස් සිංගප්පූර් ගල් අඟුරු ටෙන්ඩරයෙන් කෝටි 195 ක් රටට අහිමි කළ බවට කරන ප්‍රකාශය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ඇමැතිවරයා කියයි.


විදුලිබල අමාත්‍යංශයට කෙරෙන චෝදනා පිළිබඳව කරුණු සඳහන් කරමින් ඇමැතිවරයා මෙසේ කීය. 


ගල් අඟුරු ටෙන්ඩර් ප්‍රශ්නය පිළිබඳව විමර්ශනයක් කිරීමට විශේෂ කමිටුවක් පත් කළා. ඒ කමිටුව ලබාදුන් වාර්තාව පර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. ඕනෑම අයකුට මේ ගනුදෙනුව පිළිබඳව විවාදයක් අවශ්‍ය නම් මා එයටත් සූදානම්. මෙතැන කිසිම ආකාරයකට රටට ආර්ථික අලාභයක් සිදුවී නැත.


ස්වාභාවික වායු විදුලිබලාගාර පිහිටුවීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළ යුතුයි. මිල ගණන් කැඳවීමකින් තොරව සමාගම්වලට හිතුමතේට මිල නියම කළාට ඒවාට අනුමැතිය දෙන්න බැහැ. මේවා විනිවිද පෙනෙන ආකාරයට සිදුවිය යුතුයි. අධික වියලි කාලගුණය නිසා අපිට හදිසි විදුලිය මිලදී 
ගැනීමක් කිරීමට සිදුවුණා.


හදිසි මිලදී ගැනීමකට පනතින් ඇමැතිවරයාට බලය තියෙනවා. ඒත් මම එහෙම කළේ නැහැ. හදිසි මිලදී ගැනීමටත් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳෙව්වා. තරගකාරී මිල ගණන්වලින් සුදුස්සා තෝරා ගන්නවා.


ඔය කියන ව්‍යාපාරිකයන් හත් දෙනා අඩු මිලට විලිය සපයනවනම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකියි. තවමත් මේ ටෙන්ඩරය විවෘතයි. ඉදිරිපත් කරන මිල අඩු නම් ගුණාත්මක බවින් යුක්ත නම් කිසිම ගැටලුවක් නොමැතිව මේ ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකියි.

දයාසීලි ලියනගේ



අදහස් (0)

ජාතික ධනය වතුරේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 524 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 112 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site