(මහින්ද නිශ්ශංක)
ගෑස් මිල රුපියල් 200කින් පමණ ඉදිරියේදී වැඩිවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇතත් එම ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කරමින් පවතින අතර ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් වාර්තා වේ.
විශේෂයෙන් ගෑස් සමාගම් පාඩු ලැබීමත්, ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල පසුගිය කාලය තුළ ඉහළයාම සහ ඩොලරයේ මිල වැඩිවීම යන හේතුන් මත ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් ඉල්ලීම් කර ඇතැයි දැනගන්නට තිබේ.
ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබඳව පසුගිය දා කැබිනට් මණ්ඩලයේ දී ද සාකච්ඡාවට භාජනය වී ඇති බවද වාර්තා වේ. අවසන් වරට 2016 නොවැම්බර් මාසයේ දී ගෑස් මිලේ අඩුවීමක් සිදු වී ඇති අතර එදින ගෑස් මිල රුපියල් 25කින් අඩු වී ඇත. දැනට කොළඹ නගරයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1321කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd