(නිශාන්ත කුමාර බණ්ඩාර)
ගොවීන් සතු වී තොග අලෙවි නොකිරීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් වැසී යාමේ අවදානමක් ඇතැයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ පවසති.
මේ නිසා සහල් නිපදවීමට නොහැකි තත්ත්වයක් මත වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි පොළොන්නරුව සහල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ උප සභාපති ආනන්ද සමරකෝන් මහතා පැවසීය.
පසුගිය කන්නයේ වී කිලෝවක් රුපියල් 60කට මිලදී ගත්ත ද එය දැන් රුපියල් 55 දක්වා පහත දමා ඇත. මෙම තත්ත්වය හමුවේ ගොවීන් සිය වී තොග අලෙවි නොකර සිටීමට කටයුතු කර තිබේ.
මේ නිසා වෙළෙඳපොළට සහල් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතු නිෂ්පාදන වෙළෙඳපොළට නොපැමිණීම නිසා ඉදිරියේදී සහල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd